Easter Sunday attacks a result of political extremism, not religious extremism - Cardinal

බොරැල්ල කනත්තේ පොදු සුසාන භූමියේ මිහිදන් කළ 9 දෙනෙකු සිහිකර ඉදිකරන ලද ස්මාරකය විවෘත කරමින් ඉකුත් වසරේ (19/04/2021) කාදිනල්තුමා දැක්වූ අදහස ගැන මාධ්‍යවල මෙන්ම සමාජ ජාලවලද අවධානයක් යොමු නොවුනි. අඩුම තරමින් බොරැල්ල කනත්තේ එවැනි ස්මාරකයක් ඉදිකර ඇති බවක්වත් බොහෝ දෙනා දන්නේ නැත.

එහිදී කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේ ආගමික අන්තවාදය මෙවලමක් කර ගනිමින් තම දේශපාලන බලය තහවුරු කර ගැනීමට උත්සාහ කළ පිරිසක් විසින් මෙම ම්ලේච්ඡ ප්‍රහාරය මුදා හැර ඇති බවත්, පාස්කු ඉරිදා ප්‍රහාරය ආගම් උමතුවක ප්‍රතිඵලයක් නොව බලය අල්ලා ගැනීමටත්, එය රැක ගැනීමට ගත් උත්සාහයක ප්‍රතිපලයක් බවත්, විපතට පත්වූවන්ට සාධාරණය ඉටුවන තුරු මුළු රටම බලා සිටිනවත් දැක්වීය.

''පාස්කු ඉරිදා ප්‍රහාරය ආගම පිළිබඳ උමතුවක ප්‍රතිඵලයක් නොව බලය අල්ලා ගැනීමට සහ ආරක්ෂා කිරීමට ගත් උත්සාහයක්.. කිසිවෙකු තම ආගමික විශ්වාසයන් හෝ වාර්ගිකත්වය මත ගොදුරු බවට පත් නොවිය යුතුයි. කිසිවකු තම ආගමික හෝ වාර්ගික කණ්ඩායමට අයත් නොවන කිසිවකුට හානියක් නොකළ යුතුයි. කිසිවෙකු ආගමික විශ්වාසයන් හෝ වාර්ගිකත්වය පදනම් කරගෙන ගොදුරු බවට පත් වූ විට මේ ලෝකය ජීවත් වීමට අවාසනාවන්ත ස්ථානයක් බවට පත්වෙනවා'' යැයි කාදිනල්තුමා එදින පවසා සිටි බව Daily Mirror පුවත් ජාලය දක්වා තිබුනේ මෙසේය


Previous
Previous

පාස්කු ඉරිදා ප්‍රහාරයේ යුක්තියේ සටන , ඉතාලි රදගුරු සමුළුවේ විශේෂ අවධානයට

Next
Next

උතුරු අයර්ලන්තයේ "ලේවැකි ඉරිදා"වට වසර 50යි. යුක්තිය දිනාගැනීමට 50 වසරක් කල අරගලයක්.