උතුරු අයර්ලන්තයේ "ලේවැකි ඉරිදා"වට වසර 50යි. යුක්තිය දිනාගැනීමට 50 වසරක් කල අරගලයක්.

1972 ජනවාරි 30 වන දින බ්‍රිතාන්‍ය සොල්දාදුවන් සිවිල් අයිතිවාසිකම් ඉල්ලා පෙලපාලිගිය නිරායුධ කතෝලික පාගමන්කරුවන් 13 දෙනා ඝාතනය කලේ ලේ වැගිරීම් ගණනාවක් සිදුවු උතුරු අයර්ලන්තයේ සන්නද්ධ කන්ඩායම් සහ බ්‍රිතාන්‍යය හමුදා අතර 30 වසරක යුද්ධයක් පැවැති සමයේය. එම ගැටුම් 1998 අත්සන කල 'පාස්කු සිකුරාදා' ගිවිසුමත් සමග අවසන්විය.

ඩෙරී හි "ලේවැකි ඉරිදා" වෙඩි තැබීමෙන් කතෝලිකයන් 13 දෙනෙකු එතැනම මියගියේය. එම සිද්ධියේන් ඇතිවු තුවාල හේතුවෙන් පසුව තවත් අයෙක් මියගිය අතර ඒ අනුව මිය ගිය ගණන 14 දෙනෙකි. මියගිය අයගේ පවුලේ අය සහ මිතුරන් එකතුව බිහිකරගත් යුක්තිය වෙනුවෙන් වු පෙලගැස්ම අත් නොහැර වසර 50ක් තිස්සේ අඛණ්ඩව එම ඛේදජනක සිදුවීම අනුස්මරණ කරමින් දිගින් දිගටම ක්‍රියාත්මක විය.

2010 දී එම කන්ඩායම් එකව දියත්කල සිවිල් අධිකරණ පරීක්ෂණයෙන් අනාවරණය වූයේ ඩෙරී හි "ලේවැකි ඉරිදා" මරාදැමු වින්දිතයන් අහිංසකයන් බවත්, ඔවුන් කිසිවිටක බ්‍රිතාන්‍යය හමුදාවට තර්ජනයක් නොවූ බවත්ය. එම තීන්දුව පිලිගත් බ්‍රිතාන්‍යය රජය එම සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියා පමණක් නොව මියගිය අය වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමට ගියවසරේදී (2021) එකගවිය.

ඒ සිද්ධිය සිදුවී වසර 49ක් ගෙවුනු තැනය. යුක්තිය ඉටුවනතුරුම "ලේවැකි ඉරිදා" වෙඩි තැබීමෙන් විපතට පත්වුවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා අඛණ්ඩව සංවිධාන ගණනාවක්ම ක්‍රියාත්මකවිය.

මෙකී උත්සහයේ ප්‍රධාන චරිතයක්වුයේ එඩ්වඩ් ඩිලේ (Edward Daly) පියතුමාය. ඉහත ජයාරූපවල සුදු කොඩියක් වනමින් වෙඩි වර්සා මැද තුවාල ලැබුවේක් ඔසවාගෙනයෑමට පෙරමග සලසන්නේ ඔහුය. කතෝලික සභාව පසුව එතුමාව උතුරු අයර්ලන්තයේ බිෂොප්වරයා බවට පත්කලේය. එතුමා "ලේවැකි ඉරිදා" වෙඩි තැබීමෙන් විපතට පත්වුවන් වෙනුවෙන් යුක්තිය දිනාගැනීමට සිය ජීවිතයම යෙදවීය.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් යුක්තිය සොයන අපිට උතුරු අයර්ලන්තයේ "ලේවැකි ඉරිදා" වට යුක්තිය සොයා ගෙනගිය අරගලයෙන් උගත හැකි පාඩම් රාශියකි.

Previous
Previous

Easter Sunday attacks a result of political extremism, not religious extremism - Cardinal

Next
Next

සා. සෙබස්තියන් මංගල්‍යය