කතෝලික  සභා නායකත්වයට ගිහියන් මෝරා නැතිද....

(2025 දී, මෙ රට පැවැත්වීමට නියමිත, කතෝලික රදගුරු, පූජක, පැවදි, ගිහි, " ඒ කා බ ද් ධ  ස මු ළු ව ක් " ගැන, කොළඹ කතෝලික සභාවේ රදගුරු, මැල්කම් කාදිනල් රංජිත් හිමි කළ ප්‍රකාශයක්, 2024 ජූලි මස මැද, කිතුනු සමාජ මාධ්‍ය වල සංසරණය වුනි. මේ ලිපිය ඒ් සම්බන්දවයි. ඒ් සබැදියාව මේ සමග අමුනා ඇත.)

https://www.facebook.com/share/r/H1SHX3y6Ex91sV8H/?mibextid=11tuMg

ලොව පුරා ඇති කරන්නට යන සංගමනශීලි කතෝලික සභාවක් ලොව පුරා ඇති කරන්න්යන බව කාදිනල් මැල්කම් රංජික් හිමියන් විසින ඉහත ඇති සාකච්ඡාවේදි කියයි. සංගමනශීලි කතොලික සභාවක් වන්නෙන් හැගවෙන්නේ ගිහි, පැවිදි , පූජක , රදගුරු සම නායකත්ව දරන පරිපාලනයකි.

එය ප්‍රැන්සිස් පාප් තුමා ගේ යෝජනාවක් ලෙස පැමිනියද,  2022 සිට ලොව පුරා පැවැත්වූ කතෝලික ආගමික සමීක්ෂණයෙන් තුලින්  මතුවූ, අතහැරිය නො හැකි වූ ගිහි බලපෑමකි.

ලෝක කතෝලික සභාවේ පැරණි ව්‍යුහය නවීන කරන්නට 2021 වසරේ සිට වර්තමාන පාප්තුමා මහත් උත්සාහයක යෙදෙයි.

ඒ අරමුනෙන් ඒතුමා ලොක කතොලික නායකත්වයට විධානයක් නිකුත් කලේය.ඒය නම්  සිය පදවි වල ගිහි මත විමසා, කතොලික සභා පරිපාලනය නවීන කරන්නට සුදුසු යෝජනා තමාට දන්වා එවන ලෙසටයි.

"දෙවියන් වහන්සේ සභාවට පණිවුඩ දෙන්නේ ගිහියන් මගින්" නිසා හැකිතරම් කිට්ටුව ගිහියන්ට සවන් දී ඒ යෝජනා සකසන ලෙස පාප්තුමා ඒ් ඒ් රටරටවල කතොලික රදගුරුවරුන්ට දන්වා යැවීය.

ඒම සමික්ෂනය ශ්‍රී ලංකාවේ ද සිදු  කෙරුනු අතර ඒම  සමික්ෂන  තොරතුරු  ලංකාවේ රදගුරු මංඩලයලය විසින් ලෝක රදගුරුනට දැන්වීය.

2025 ඒකාබද්ධ රදගුරු, පූජක, පැවදි, ගිහි සමුළුව ලොව පුරා පවත්වන්නේ ඒ් අනුව යමිණි.

කතෝලික සභාවේ පවතින, පාප්වරයා මුදුනේත්, පූජක හා පැවිද්දන් මැදත්, පාදමේ (යටම) ගිහියනුත් සිටින ත්‍රිකෝණාකාර පරිපාලන ව්‍යුහය සමපාතික කරන්නට සුදානම් බව  බව මැල්කම් රංජිත් හිමි ඉහත සදහන් සාකච්ඡාවේදි පවසයි.ඒසේම මින්  ඉදිරියට  පූජකවරුනට ඒකාධිපතියන් ලෙස මීසම් පාලනය කරන්නට බැරිවන වන බව, කාදිනල් තුමා  මහත් ආඩම්බරයෙන් පවසයි. රදගුරුනට, හිතුවක්කාරව සිය වසම් පාලනයට ද ඉඩ නො ලැබෙන බව ද ඒ් අතර පවසයි.

මේ යෝජනාව අළුත් යෝජනාවක්  නොවේ. ඒය වසර 59 ක් පැරණි අමතක කල යෝජනාවකි.

1962 - 65 අතර පැවැති  දෙවන වතිකාන මන්ත්‍රණ සභාවේ දී ඇති කරන්නට තීන්දු කළ ප්‍රධාන යොජනාවලිය මෙයයි.එදා වතිකාන මන්ත්‍රණ සභාවේ දී ලොවපුරා සිටි රදගුරුවරු විසින් ප්‍රධාන තීන්දු 16 ගන්නා ලදි.ඒ් සදහා ලංකාවෙන් කාදිනල් තෝමස් කුරේ හිමි සමග, මෙරට සිටි රදගුරු හයදෙනෙක් පමණ, ඒම සම්මන්ත්‍රන වාර 156  සදහා සහභාගි වීය.

තමන් සිය රට ගිය වහාම, තමන් ගත් තීන්දු ක්‍රියාත්මක කරන බව ඊට සහභාගි වු රදගුරුවරුන් 2500 - 3000 අතර පිරිසක් අත්හල නොහැකි පොරොන්දු දුන්නේ, දෙවියන් ජීවමානව වැඩ සිටින බව පැවසෙන, දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉදිරියේ පැවැත්වූ මහා දිව්‍ය පුජාවකදීය.

එහෙත් ඔවුන් බොහෝ දෙනෙක්  තමන් දෙවියන් ඉදිරියේ දුන් පොරොන්දුව  අමතක කළහ.
වතිකාන කතිකාවේ යෝජනා  රැගෙන මෙරටට රදගුරුවරු, ඒවා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබද  තීන්දු කරන්නට, 1968 ශ්‍රී ලංකා ජාතික කතෝලික කථිකාවක්  පැවැත්වීය. ඒ් සදහා  මෙ රට සිටි සියළු රදගුරුවරු හා ගිහි,පැවදි,  පූජක නියෝජිතයන් 200 පමණ පිරිසක් සහභාගි විය.

ඒහෙත් ඒදා සිට අද දක්වා ලොව පුරා හා  අපේ රටේ ද, ඒ යෝජනා ක්‍රියාත්මක කරන්නට කිසිදු රදගුරුවරයෙක් පියවර ගත්තේ නැත. "මෙ රට ගිහියන් සභා නායකත්ව ගන්නට තරම් මෝරා නැතැයි" පූජකවරු සමග ඔවුන් අදත්  පවසමින් සිටී.

1968 ශ්‍රී ලංකා ජාතික කථිකාවට සහභාගි වූ, ජේෂ්ඨ ගිහි නායකයෝ වතිනාක කතිකාවේ  තීන්දුව මෙරට ක්‍රියාත්මක කරන ලෙස රදගුරු මණ්ඩලයට බල කළහ. කාදිනල් තෝමස් කුරේ, අගරදගුරු නික්ලස් මාකස් ප්‍රනාන්දු, අගරදගුරු ඔස්වල්ඩ් ගෝමස්, කාදිනල් මැල්කම් රංජිත් යන කොළඹ පදවියේ  එක් රදගුරුවරයෙකුටවත් ඒ හඬ ඇසුනේ නැත.

ගිහියන් සභා පාලනයට යා කර ගැනීම එදත්,මෙ රට පූජකවරු විහිළුවට ලක් කළහ. අදත් ඒ පූජකවරු තමන් කියනදේ පවා, විහිළුවට ලක්කර ප්‍රතික්ෂේප කරන බව,කාදිනල්  මැල්කම් රංජිත් හිමි ව්‍යාංගයෙන් මේ සාකච්ඡාවේදි පවසයි.

දිවංගත රීඩ් ෂෙල්ටන් පියනම, වරක් තම "ශ්‍රාවක " සඟරාව මගින්,(98 අගෝස්තු) යෝජනාවක් කළේය. ඒ් රදගුරුවරු පත් කිරීමට පදවිවල ගිහිපැවදි පූජක පිරිස අතර ඡන්ද විමසීම් පවත්වන ලෙසය. ඒ සඳහා ඔස්ට්‍රියාවේ "චූර්" රදගුරු පදවියේ කළ අත්හදා බැලීමක් ද එතුමා ලංකාවට සංනිවේදනය කළේය.

එදා මෙ රට රදගුරුවරු හා පූජකවරු එතුමා විහිළුවට ලක් කළහ. ඒ පමනක් ද නොවේ  ඒ අදහස රට ඉදිරියට ගෙන ගිය, කොළඹ පදවි ගිහි කතෝලික සංගමය හා ලංකා කතෝලික සංගමය විසිරුවා දැමූහ.

දෙවන වතිකාන මන්ත්‍රණ සභා යෝජනා 1968 සිට අමතක කර දැමූ ශ්‍රී ලංකා කතෝලික සභාව ඒ වරද පෙන්වා දෙන ගිහි පැවදි පූජක සමුළුවක්, 1995 දී මෙරට පැවැත්වීය.

ඒවකට ඒ සඳහා නායකත්වය ගත්තේ මැල්කම් රංජිත් රදගුරු හිමිය. එහිදීත්, ගිහියන් සභා පාලනයට සහභාගි කර ගැනීමට තීන්දු කෙරුණි. ඒහෙත් ඒ තීන්දුව ද ක්‍රියාත්මක නො කෙරුණි. අඩු තරමින්, ඒ සමුළුව සංවිධානය කළ කාදිනල් මැල්කම් රංජිත් හිමි, කොළඹ කතෝලික සභාව තුළවත් ඒ තීන්දුව ක්‍රියාත්මක කළේ නැත.

මේ වතාවේ නම්, ලොව කිසිම රදගුරු වරයෙකුට පාප් තුමාගේ විධානය අමතක කළ හැකි යැයි  අපි නො සිතමු. හැරමිටියෙන් යමින් පවා, ප්‍රැන්සිස් පාප් තුමා, තමන් ගේ විධාන හා සභාවේ පොදු තීන්දු, ලෝකයේ රදගුරුවරු ඉටු කෙරෙන ආකාරය ගැන දැඩි විමසිල්ලකින් සිටින බව පැවසෙන හෙයිනි.

ඒ් නිසා මෙ වර සංගමනශීලි කතෝලික සභා තීන්දුව යටගැසිය නො හැකි බවක් අපට හැඟේ.ඒහෙත් අනතුරක් නැතිවාම නොවේ.

--- සිරිල් එඬේරමුල්ල. ---

06-08-2024

Previous
Previous

රටට හොඳ ආණ්ඩුවක් හදන   ජනාධ්පති වරයෙකු ඕනෑ!

Next
Next

Easter Sunday Bomb Victims 5 Years On.........