කතෝලික සභාවේ ස්ථාවරය තවත් තහවුරුවෙයි,දේශබන්දු පොලිස්පති ධූරයට සුදුසු නෑ..ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් ඔහු වරදකරුවෙක් වෙයි!!

වත්මන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකු චූදිතයන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවුරුදු දොළහකට පසු නඩු තීන්දුවක් ලබා දී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිශ්චකාර තුරේ රාජා , කුමුදුනී වික්‍රමසිංහ, ප්‍රියන්ත ප්‍රනාන්දු යන පුද්ගලයන් විනිසුරු මඩුල්ල ඉදිරියේ SC/FR107/2011 අංක යටතේ 2010 වසරේ මිරිහානය විශේෂ පොලිස් විමර්ශන ඒකකය මඟින් නීති විරෝධී ලෙස රඳවා තබාගෙන දින හතකට වැඩි කාලයක් වධහිංසාවට පත්කර, ව්‍යාජ නඩු පැවරීම සම්බන්ධව විභාග වූ නඩුවේ තීන්දුව අද (14) දින ප්‍රකාශයට පත් විය.

එම නඩු තීන්දුවට අනුව පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ගරු අධිකරණය තීන්දු කළ අතර, පෙත්සම්කරුට රජය මඟින් ලක්ෂ දෙකක වන්දියක් ද, පොලිස් නිලධාරීන් වන බණ්ඩාර, භාතිය ජයසිංහ සහ එවකට පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන්ට හා පෞද්ගලික වගඋත්තරකරුවකු වූ විජේසුන්දරයක් යන අයටද ලක්ෂ පහ බැගින් පුද්ගලික මුදලින් ගෙවන ලෙස අධිකරණය තීන්දු කළ අතරින් පොලිස් නිලධාරීන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස් කොමිෂන් සභාවට නියෝග කරන ලදී.

මෙම තීන්දුවෙන් අධිකරණයේ ස්වාධීනත්වය නැවත නැවතත් ප්‍රකාශයට පත් විය. මෙහිදී පෙත්සම්කරුට යුක්තිය ඉටු කරවා ගැනීමට අවුරුදු දොළහක කාලයක් ගතවිය. ( ප්‍රවෘත්තිය - අයිතිය වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි, ජායාරූප Colombo Gazette).

Previous
Previous

ලසන්ත වික්‍රමතුංගව ඝාතනය කලේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරුවන් ද?

Next
Next

'මරියතුමියගේ නිර්දෝෂ පිලිසිදීම' (Immaculate Conception of Mary) හෙවත් මරියතුමිය ශු.ආනා මුනිතුමියගේ කුසෙහි නිර්මල පිලිසිදගැනීම.