58 Months for Sunday Easter Attack

පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස 58ක් පිරුණු අද දින, 21/02/24, රෝහාන් සිල්වා පියතුමා, ටෙරන්ස් පියතුමා, ඇතුළු ගිහි පැවැදි ජනයාගේ සහභාගිත්වයෙන් කටුවපිටිය බාල්දි හන්දියේ පැවැත්වෙන නිහඩ විරෝධය අද දින ද අඛණ්ඩව පැවැත්විණි. එම විරෝධය සදහා මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා ද සහභාගී වී තිබීම විශේෂයකි. කටුවපිටිය බාල්දි හන්දියේ පැවැති එම විරෝධයෙන් පසුව රොබින්සන් පියතුමා, පැවිදි සොහොයුරියන් සහ කිතුදන පුබුදුවේ සමාජික සමාජිකාවන් ද, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වු කටුවපිටියේ ජනයා ද, සහභාගි වෙමින් කටුවපිටිය දේවස්ථානයේ දිව්‍යය පුජාවක් පැවැත්වූ අතර ඉන් අනතුරව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් වින්දියන්වූ කටුවපිටියේ ජනයා සමරමින් ඉදිකර ඇති සමරු පලකය අභියස ඉටිපහන් දල්වා, දේවස්ථානයේ ගේට්ටුව අභියස විරෝධයක් ද දැක්වුහ. මේ එහි ජයාරූප සමූහයකි.

Previous
Previous

59 Months for Sunday Easter Attack

Next
Next

57 Months for Sunday Easter Attack