Red Wednesday

Red Wednesday - ලොව පුරාම මරාදැමූ සහ වදහිංසාවට පත්ව ඇති ක්‍රිස්තියානි ජනයා සිහිකරන 'රතු බදාදා' සැමරුමට 'යුක්තිය සහ සත්‍යය සදහා වන සහයෝගීතා ව්‍යාපාරය වන අප ව්‍යාපාරයේ' (SMJT) රටින් පිටත සිටින සමාජිකයින් ද සහභාගි වී සිටියා.

සෑම වසරකම නොවැම්බරයේ පවත්වන 'රතු බදාදා' සැමරුම ලොව පුරාම සිදුවන කිතුනු මර්ධනයන්ට එරෙහිව විවිධ රටවල ක්‍රිස්තියානි ක්‍රියාධරයින් විසින් සමරනු ලබන්නක්.

මෙවර 'රතු බදාදා' සැමරුමේ විශේෂ අවදානය යොමුකලේ අප්‍රිකානු කලාපය වෙතයි. වාර්තා වී ඇති ආකාරයට අප්‍රිකානු කලාපයේ පසුගිය වසරේ පමණක් සිදුව ඇති කිතුණු ඝාතන, කිතුනුවන් ගම් බිම් වලින් පලවා හැරීම්, වදහිංසාවට පත් කිරීම්, බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හරවා ගැනීම්, ස්ත්‍රී දූෂණ සහ බලහත්කාර විවාහයන් සංඛ්‍යාත්මක ව අති විශාලයි.

ඊයේ (22/11/23) ලංඩනයේ පැවැති 'රතු බදාදා සැමරුමේදී පසුගිය වසරේ (2022) පෙන්තකොස්ත ඉරිදා දිනයේදී නයිජිරියාවේ Owo පලාතේ සාන්ත Francis Xavier දේවස්ථානයට එල්ලවූ ප්‍රහාරය හමුවේ අභීතව ක්‍රියාකල එම දේවස්ථානයේ මීසම් සභා නියෝජිතවරියක් වන Margaret Attah මහත්මියට විශේෂ උපහාරයක්ද පිරිනැමුවා.

නයිජිරියාවේ Owo හි St.Francis Xavier දේවස්ථානයට එල්ලවූ එම ප්‍රහාරයේදී දරුවන් 8 දෙනෙකු ඇතුළු කිතුනුවන් 41 දෙනෙකු මරා දමනු ලැබූවා. එහිදී එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් Margaret Attah මහත්මියගේ දෙපා අහිමිවුවා. එහෙත් ඇය දිගින් දිගටම එම ප්‍රදේශයේ කිතුනුවන් නැවත ගොඩනංවාලීමටත්, නයිජිරියාවේ සිදුවන කිතුනු ඝාතන සම්බන්ධයෙන් නයිජිරියානු රජය නිසි ක්‍රියාමාර්ග නොගැනීමටත් විරුද්ධව හඩ නගිමින් සිටිනවා. ලංඩනයේ පැවැති 'රතු බදාදා' සැමරුමේදී ඇයව විශේෂ අවධානයකට ලක්වූයේ එම පදනමින්‍ ය.

නයිජිරියාවේ පමණක් නොව අප අසල්වැසි ඉංදියාවේ, පකිස්ථානයේ සහ බංග්ලාදේශයේ කිතුනුවන් මුහුණු දී ඇති දරුණු මර්ධනයන් ගැන ද විවිධ තොරතුරු එම සමරු උත්සවයේදී කියවුනා. අප්‍රිකාවේ මෙන්ම එම රටවලත් සිදුවන කිතුණු ඝාතන, වදහිංසා, ගම්බිම්වලින් පලවා හැරීම්, ස්ත්‍රී දූෂණ, බලහත්කාර විවාහ, බලෙන් හින්දු සහ ඉස්ලාම් ආගම්වලට හරවා ගැනීම්, දේවස්ථාන ගිනිතැබීම් ආදිය ගැන විවිධ තොරතුරු එහිදී සාකච්ඡාවට ලක්වූවා. ලංකාවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ සත්‍යය මතු කර ගැනීමේ සහ වින්දියන්ට යුක්තිය ඉටුකර ගැනීමේ ක්‍රියා මාර්ගය සදහා ජාත්‍යන්තර වශයෙන් එක්ව කටයුතු කිරීමේ වැදගත්කමද එහිදී සාකච්ඡා වූවා.

Previous
Previous

මම මෙය පසුපස ගියේ නෑ, ඔබ බිෂොප්වරයෙකු වීම දකින්නේ බාහිරින්, එහෙත් එය අතිමත් භාරදූර වගකීමක්